Posts

ගීයකට එහා

Image
  හමාර බණවර......... පුරුදු පාරෙන් අදත් යනවා ඒත් වෙන ගමනක් පුතේ හුඟක් අය මගෙ පස්සෙ එනවා තනිව ආ ගිය මගේ කවමදාවත් මගේ බර උඹෙ කරේ තිබ්බේ නෑ පුතේ හුඟක් බර නම් බිමින් තියපන් රිදෙනවා ඇති අත් උඹේ හුඟක් බර නම් බිමින් තියපන් රිදෙනවා ඇති අත් උඹේ කන්ද පාමුල සොහොන හුරු නෑ දන්නවා මං මයෙ පුතේ මගේ තනියට තවත් අය ඇති අඳුරගන්නම් හෙට උදේ සොබාදහමට අවනතයි මං ඉතින් යන්නම් ගොම්මනේ යන ගමන් මේ බේත් තුණ්ඩුව අරන් පලයන් අම්මගේ යන ගමන් මේ බේත් තුණ්ඩුව අරන් පලයන් අම්මගේ හමාර බණවර කවි පොතේ කවියක් මේ ආකාරයට ඉතා සංවේදී ගීත රචනාවකට පරිවර්තනය කර ඇත. මවකගේ ආදරය ගැන වැඩිමනක් කතා කරන ලෝකය තුළ සැඟවුණු නිහඩ ආදරය තාත්තා විය.''  වෙනදා ආ ගිය හුරුපුරුදු පාරේ ගොඩක් අය එක්ක උඹේ කර මතින් නුහුරු  ගමනක්  යනවා'' . පියාගේ වියෝවෙන් කම්පාවට පත් පුතුගේ ගේ මනසට කතා කරන පියකුගේ හැගීම් අපූරු අයුරින් ගීත රචකයා පද වැලකට ගෙත්තම් කරයි. දරුවන්ගේ සිය ලු  බර කරට අරන් කළ ඔහු අද තම පුතුගේ කර මතින් අවසන් ගමන් යයි.පුතු සනසනු වස් ඔහු පුතුගේ මනසට ඔහු කතා කරයි. අවසන '' ඔහු බර වැඩිනම් බිමින් තියපන්''  යනුවෙන් පවසයි.සොබාදහමට

ගීයකට එහා

Image
    පොඩ්ඩියෙ අම්මා අම්මාමයි තාම......... පොඩ්ඩියේ.... පොඩ්ඩියේ අම්මා අම්මා..මයි තාම වැරදුණේ අපි නිසයි.. ඈ වැරදිද කෝම.. බක්මහේ කොවුල්‌ බින්ජු.. පුපුරණ දාක.. නංගියෙ අම්මාගෙන්‌.. උඹ ඉල්ලනවද ගේම.. තනේ කඩා විසිකර.. පත්තිනි වේ නම්.. අනේ හාමතේ.. අපි මැරිලා එහෙනම්.. වනේ පාරන්නේ වන පල.. විස වී නම්‌.. නගේ දැන්‌ යමන්‌.. පඬිපුර ගිනි නියපන්‌.. සතා කියා ඉඳහිටක දි ඇහුණාට.. කතා හදන උන්‌ සේරම.. බෝසත්‌ ද.. යකා වැහෙන්නට පෙර උඹෙ අයියාට.. කතන්දර එපා වැඳපන්‌.. අම්මාට.. දංකඳ නැතිදාට රන්කඳ වී පෙනිලා.. ලොකු හාමුදුරුවෝ අණ කර බණ පද එව්වා.. මුචලින්දගෙ ඇඟේ නයි කළඳුළක්‌ නැටුවා.. අපේ අම්මා බණ කතාවක්‌... බුදු ගෙයි ලිව්වා.. රත්වුණු යකඩ ලෝකුරු ගෑණුත්‌ තැලුවා.. මත්වුණු බඹරු  ඉටිමල්‌ පොකුරෙත්‌ වැහුවා.. ඇත්තට ලෝකෙ ගැන උඹ දන්නෙද මොනවා.. පත්තිනි සළු වලත්‌.. ඇත්‌ තුත්තිරි තිබුණා.. සතා කියා ඉඳහිටක දි ඇහුණාට.. කතා හදන උන්‌ සේරම.. බෝසත්‌ ද.. යකා වැහෙන්නට පෙර උඹෙ අයියාට.. කතන්දර එපා වැඳපන්‌.. අම්මාට.. ගායනය-:සාරද බණ්ඩාර  ගී පද-: ටිරෙන් කීර්ති  වාදනය-:සාරද බණ්ඩාර  ග්‍ර්‍රාමීය පරිසරයක සිදු වූ ඛේදවාචකයක් එනම් සත්‍ය සිදුවීමක් ඇසුරෙන