ගීයකට එහා

  හමාර බණවර.........

පුරුදු පාරෙන් අදත් යනවා

ඒත් වෙන ගමනක් පුතේ
හුඟක් අය මගෙ පස්සෙ එනවා
තනිව ආ ගිය මගේ

කවමදාවත් මගේ බර උඹෙ

කරේ තිබ්බේ නෑ පුතේ
හුඟක් බර නම් බිමින් තියපන්
රිදෙනවා ඇති අත් උඹේ

හුඟක් බර නම් බිමින් තියපන්
රිදෙනවා ඇති අත් උඹේ


කන්ද පාමුල සොහොන හුරු නෑ
දන්නවා මං මයෙ පුතේ
මගේ තනියට තවත් අය ඇති
අඳුරගන්නම් හෙට උදේ

සොබාදහමට අවනතයි මං
ඉතින් යන්නම් ගොම්මනේ
යන ගමන් මේ බේත් තුණ්ඩුව
අරන් පලයන් අම්මගේ
යන ගමන් මේ බේත් තුණ්ඩුව
අරන් පලයන් අම්මගේ


හමාර බණවර කවි පොතේ කවියක් මේ ආකාරයට ඉතා සංවේදී ගීත රචනාවකට පරිවර්තනය කර ඇත. මවකගේ ආදරය ගැන වැඩිමනක් කතා කරන ලෝකය තුළ සැඟවුණු නිහඩ ආදරය තාත්තා විය.'' වෙනදා ආ ගිය හුරුපුරුදු පාරේ ගොඩක් අය එක්ක උඹේ කර මතින් නුහුරු ගමනක් යනවා''. පියාගේ වියෝවෙන් කම්පාවට පත් පුතුගේ ගේ මනසට කතා කරන පියකුගේ හැගීම් අපූරු අයුරින් ගීත රචකයා පද වැලකට ගෙත්තම් කරයි. දරුවන්ගේ සියලු බර කරට අරන් කළ ඔහු අද තම පුතුගේ කර මතින් අවසන් ගමන් යයි.පුතු සනසනු වස් ඔහු පුතුගේ මනසට ඔහු කතා කරයි. අවසන ''ඔහු බර වැඩිනම් බිමින් තියපන්'' යනුවෙන් පවසයි.සොබාදහමට අවනත වී ඔහුට තම දිවිමඩලෙන් නික්ම යාමට කාලය එළඹ ඇත. කෙසේ නමුදු ගෙදර වගකීම මින්පසු අතට ගත යුත්තේ තම පුතු බව සංවේදී කවි පෙළකින් ගීතය අවසන කියාපානුයේ ''යන ගමන් මේ බේත් තුණ්ඩුව අරන් පලයන් අම්මගේ'' මේ අයුරින් හමාර බණවර  සංවේදී අත්දැකීමක අපූර්ව ගේය පද රචනයකි.  

Comments

Post a Comment

Popular posts from this blog

ගීයකට එහා